ඊශ්‍රායලයේ තීරණය ගැන ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලෙන්

ඊශ්‍රායලය ගාසා තීරයේ පාලනය අත්පත් කරගැනීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළකර තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.

ඊශ්‍රායලය ගනු ලැබූ මෙම තීරණය ගාසා තීරයේ තවදුරටත් ප්‍රචණ්ඩත්වය වර්ධනයවීමට සහ එම ප්‍රදේශයේ සිටින ජනතාවගේ දුක් වේදනා තවදුරටත් උග්‍ර කිරීමට හේතු වනු ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ, අනුව ශ්‍රී ලංකාව වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින බවත්, රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් හරහා සියලු පාර්ශවයන්ට සිය මතභේදයන් විසඳාගන්නා ලෙසත්, තිරසාර සාමයක් ස්ථාපිත කිරීම සඳහා යොමුවන ලෙසත් ශ්‍රී ලංකාව නිකුත් කළ නිවේදනයෙන් ඉල්ලා තිබෙනවා.

1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
4
+1
62
+1
2
+1
6
+1
0
+1
9
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?