ඊශ්‍රායලයේ තීරණය ගැන ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලෙන්

ඊශ්‍රායලය ගාසා තීරයේ පාලනය අත්පත් කරගැනීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළකර තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.

ඊශ්‍රායලය ගනු ලැබූ මෙම තීරණය ගාසා තීරයේ තවදුරටත් ප්‍රචණ්ඩත්වය වර්ධනයවීමට සහ එම ප්‍රදේශයේ සිටින ජනතාවගේ දුක් වේදනා තවදුරටත් උග්‍ර කිරීමට හේතු වනු ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ, අනුව ශ්‍රී ලංකාව වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින බවත්, රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් හරහා සියලු පාර්ශවයන්ට සිය මතභේදයන් විසඳාගන්නා ලෙසත්, තිරසාර සාමයක් ස්ථාපිත කිරීම සඳහා යොමුවන ලෙසත් ශ්‍රී ලංකාව නිකුත් කළ නිවේදනයෙන් ඉල්ලා තිබෙනවා.

1 1
  1. සිංහල හා දමිල අහිංසක බිලිඳන්,දරුවන් හා ජනතාව එලිපිටම සංහාරය කල ඉරාන පලස්තීන පිටුබලය ලබන ලංකාවේ isis අන්තවාදී ත්‍රස්තවාදීන් ගේ පාස්කු බෝම්බයේ සත්‍ය එලිදැක්වීම නොහැකි සියලුම දේශපාලන පක්‍ෂ බලය ඉසිලූ ලංකා රාජ්‍ය පාලනය ඉරාන පලස්තීන පිටුබලය ලබන isis ත්‍රස්තවාදයට යටත්ය… බයාදු බව…. මේ ප්‍රකාශ මත සනාථ වේ.

  2. ඊශ්‍රායෙල් තීරණය හරියටම හරි ලංකා වේ මේ ප්‍රකාශයට කිසිම පදනමක් බුද්ධියක් නැති ත්‍රස්තවාදින්ට සහාය පලකරන ප්‍රකාශයකි ඉස්ලාම් අන්නවාදිත් මුළු ලෝකයටම තරජනයක් සමාදානයෙන් සිටිය ඊශ්‍රයල් වැසියන් මරාදමා මිනිසුන් ප්‍රාණ ඇපයට ගත්තේ ඉස්ලාමි අන්නවාදින් ගාසාවට සාමය ලැබීමට නම් සැම ත්‍රස්තවාදියෙක් ම ඉවර කලයුතුයි ලංකාව කථාකල යුත්තේ ප්‍රාණ ඇපකරුවන් තියාගෙන ඉන්න ඉස්ලාමි අන්තවාදි ත්‍රස්තයන්ට විරුද්ධවයි ඊශ්‍රායෙල් රාජ්‍යාට ජයවේවා ඔවුන්ට ආශ්‍රීර්වාද කරන සියලු දෙනාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනු ලබයි අනිත් අයට එකේ අනිත්පැත්ත ලැබෙයි

  3. හොද නැත්ද ලංකාවේ වෙන දෙයක් ගැන අවධානය යොමුකරලා වැඩකරොත් ඊශ්‍රායලයට උපදෙස් දෙනවට වඩා වටිනවා…නිකන් ඉල්ලන් තියාගන්න හදනවනේ ඉස්සර උන් වගේම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56