ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය සුබ මොහොතින් සිදුකෙරේ (වීඩියෝ)

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැරින් පසුව සිදුවන දිය කැපීමේ චාරිත්‍රය අද (09) පෙරවරුවේ ගැටඹේ මහවැලි ගංතොටේ දී සිදු කෙරුණා.

අවසන් මහා රන්දෝලි පෙරහැර වීථි සංචාරයෙන් පසු පෙරහැර කරඬුව අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කොට නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම සිව් මහා දේවාල පෙරහැර ගැටඹේ මහවැලි ගංතොට වෙත ගොස් අලුයම් කාලයේ දිය කැපීමේ චාරිත්‍රය සිදුකරනු ලබනවා.

මෙම චාරිත්‍රය සිදුවන වේලාවේ ගැටඹේ මහවැලි ගංතොට ප්‍රදේශයට අති විශාල ජනතාවක් සහභාගී වී සිටි බවයි ‘දසත නිවුස්’ මහනුවර වාර්තාකරු සඳහන් කළේ.

දිය කැපීමේ චාරිත්‍රයෙන් අනතුරුව එම පෙරහැර නැවත මහනුවර පුල්ලෙයාර් කෝවිල වෙත පැමිණ ආගමික චාරිත්‍ර සිදුකරනු ලබනවා.

ඉන් අනතුරුව අස්ගිරි ගෙඩිගේ මහා විහාරයෙන් පස්වරු 02 පසුව විනාඩි 16 ට එළඹෙන සුභ මොහොතින් දවල් පෙරහැර ආරම්භ වන අතර, පෙරහැර ඉතා සාර්ථකව නිමකළ බවට ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිතුමා හට පෙරහැර සංදේශය භාරදීමෙන් පසු මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?