ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය සුබ මොහොතින් සිදුකෙරේ (වීඩියෝ)

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැරින් පසුව සිදුවන දිය කැපීමේ චාරිත්‍රය අද (09) පෙරවරුවේ ගැටඹේ මහවැලි ගංතොටේ දී සිදු කෙරුණා.

අවසන් මහා රන්දෝලි පෙරහැර වීථි සංචාරයෙන් පසු පෙරහැර කරඬුව අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කොට නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම සිව් මහා දේවාල පෙරහැර ගැටඹේ මහවැලි ගංතොට වෙත ගොස් අලුයම් කාලයේ දිය කැපීමේ චාරිත්‍රය සිදුකරනු ලබනවා.

මෙම චාරිත්‍රය සිදුවන වේලාවේ ගැටඹේ මහවැලි ගංතොට ප්‍රදේශයට අති විශාල ජනතාවක් සහභාගී වී සිටි බවයි ‘දසත නිවුස්’ මහනුවර වාර්තාකරු සඳහන් කළේ.

දිය කැපීමේ චාරිත්‍රයෙන් අනතුරුව එම පෙරහැර නැවත මහනුවර පුල්ලෙයාර් කෝවිල වෙත පැමිණ ආගමික චාරිත්‍ර සිදුකරනු ලබනවා.

ඉන් අනතුරුව අස්ගිරි ගෙඩිගේ මහා විහාරයෙන් පස්වරු 02 පසුව විනාඩි 16 ට එළඹෙන සුභ මොහොතින් දවල් පෙරහැර ආරම්භ වන අතර, පෙරහැර ඉතා සාර්ථකව නිමකළ බවට ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිතුමා හට පෙරහැර සංදේශය භාරදීමෙන් පසු මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04