මැණික් ඉල්ලම් ලබාගැනීම සඳහා හාරන ලද වතුර පිරී ඇති වළකට වැටී අවුරුදු 08ක දරුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුඅග්ගල, වනහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ජෙවිඳු රන්මෙත් නැමැති දරුවෙක්.
තම මව සහ සුළු පියාගේ රැකවරණය යටතේ ජීවත් වූ මෙම දරුවා ඊයේ (07) පාසැල් ගොස් නිවසට පැමිණීමෙන් අනතුරුව සරුංගල් යැවීමට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
දරුවා කැලෑබද පෙදෙසකට යන බව දුටු පුද්ගලයෙක් ඒ පිළිබඳ සොයාබැලීමට මෙම වතුර වළ පිහිටි දිශාවට ගොස් තිබෙනවා.
එහිදී දරුවා වතුර වළට වැටී සිටිනු දුටු එම පුද්ගලයා ඒ බව අසල්වාසීන්ට දන්වා දරුවාව කොස්ගම රජයේ රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.
එලෙස රෝහල් ගතකරන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව සිටි බව වෛද්‍යවරුන් පවසනවා.
මීට කලකට පෙර මෙම ප්‍රදේශය පුරා ගඩොල් කැපීමට සහ මැණික් ගැරීම සඳහා මේ ආකාරයේ අනාරක්ෂිත වළවල් රැසක් කපා ඇති බව ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.















