සර්පයෙක් දෂ්ට කළ මව කරේ තබාගෙන කිලෝමීටර් ගානක් පයින් රෝහලට රැගෙන ගිය දියණිය

සර්පයෙක් දෂ්ට කළ තම මව කරේ තබාගෙන වනාන්තර මාර්ගයක් හරහා කිලෝමීටර් 05ක පමණ දුරක් ඇවිද ආ දියණියක් පිළිබද හදකම්පා කරවන පුවතක් ඉන්දියාවේ ඔඩීෂා හි කන්දමාල් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නිසි මාර්ගයක් නොමැතිවීම හේතුවෙන් අදාළ දියණියට මෙලෙස සිය මව කරේ තබාගෙන පයින්ම රෝහලට ගමන් කිරීමට සිදුව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එලෙස රෝහල් ගත කළ මවගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වී ඇති බවයි.

රෝහල් ගතකිරීම ප්‍රමාදවීම නිසා ප්‍රතිකාර ප්‍රමාද වීම හේතුවෙන් එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව සිකුරාදා රාත්‍රියේ නිවසේ නිදා සිටියදී සර්පයෙකු දෂ්ට කර ඇති අතර, පවුලේ අය වහාම 108 ගිලන් රථ සේවාව ඇමතූ නමුත් වාහන ධාවනය කළ හැකි මාර්ග නොමැති නිසා ගිලන් රථයට අදාළ ස්ථානයට පැමිණීමට හැකි වී නැහැ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට ගිලන් රථයට ළඟා විය හැක්කේ ඔවුන්ගේ ගමේ සිට කිලෝමීටර් අටක් දුරින් පිහිටි සරමුන්ඩි ප්‍රදේශය දක්වා පමණයි.

වෙනත් විකල්පයක් නොමැති වූ බැවින්, රාජනි නැමැති දියණිය තම මව ඇගේ කරේ තබාගෙන කිලෝමීටර් පහක් රළු කැලෑ මාර්ගයක් හරහා සරමුන්ඩි වෙත ඇවිද ගොස් තිබෙනවා.

එතැන් සිට ඇය ගිලන් රථය පැමිණි ස්ථානයට ළඟා වීමට තවත් කිලෝමීටර තුනක් යතුරුපැදියකින් ගොස් ඇති බව සඳහන්.

අනතුරුව ඇයව ගිලන් රථයෙන් තුමුඩිබන්ද් හි සෞඛ්‍ය මධ්‍යස්ථානයට ගෙන ගොස් ඇති අතර, පසුව බලිගුඩා උප-ප්‍රාදේශීය රෝහලට මාරුකර යැවීමෙන් පසු එම කාන්තාව මියගොස් තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු, කාන්තාවගේ පවුලේ ඥාතීන් ඇඳක් මත මළ සිරුර තබාගෙන ඔවුන්ගේ නිවසට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
7
+1
0
+1
0
+1
47
+1
6
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44