නීති විරෝධීව දේපළ වත්කම් ඉපසූ කතක් අත්අඩංගුවට – දේපළ වත්කම් ක්‍රියාවිරහිත කරයි

පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් දේපළ සහ වත්කම් මිලදී ගැනීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ පැමිණිල්ල නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ, අනුව නීති විරෝධී අයුරින් උපයාගන්නා ලද මුදලින් දේපළ මිලදී ගැනීම පරිහරණය කිරීම හා එමඟින් මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් අදාළ සැකකාරිය පසුගිය 29 වනදා නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය බෝකුන්දර, පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වයස 36ක තැනතියක්.

සැකකාරියගේ පෙර වැරදි සම්බන්ධව විමර්ශනයේ දී ඇයහෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයේ නඩු පවරා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

තවද සැකකාරිය නීතිවිරෝධී ආකාරයට උපයා ගන්නා ලද රුපියල් කෝටි 03ක පමණ මුදලින් මිලට ගත් පිළියන්දල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් පසුගිය 09 වනදා සිට දින 07ක කාලයක් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව ක්‍රියා විරහිත කර තිබූ අතර, මේ සම්බන්ධව හෝමාගම මහාධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු එම ක්‍රියාවිරහිත කිරීමේ නියෝගය 2025.10.15 වන දින දක්වා දීර්ඝකර බලාත්මක කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ සැකකාරිය පසුගිය ජුලි 29 වන දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02කක් මත මුදාහැර තිබෙනවා.

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04