ශ්‍රී ලංකා ජනපතිගේ මාලදිවයින් සංචාරය දෙරට එක්ව සමෘද්ධිය කරා යන ගමනේ තීරණාත්මක සාධකයක් – මාලදිවයින ජනපති

ශ්‍රී ලංකා – මාලදිවයින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 60 වසරක් සපිරෙන අවස්ථාවේ සිදුවන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මාලදිවයින් රාජ්‍ය සංචාරය, දෙරටම ආර්ථික වශයෙන් ඒකාබද්ධ සහ සමෘද්ධිමත් ඉදිරි ගමනක් කරා යන ගමනේ තීරණාත්මක සාධකයක් වනු ඇති බව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු පවසනවා.

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඊයේ (28) රාත්‍රියේ කුරුම්බා මෝල්ඩිව්ස් නිවාඩු නිකේතනයේ දී පැවති නිල රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව අදහස් දක්වමින්.

මාලදිවයින්-ශ්‍රී ලංකා සබඳතාවල පවතින ආර්ථිකමය වැදගත්කම මෙහිදී පෙන්වා දුන් මාලදිවයින් ජනාධිපතිවරයා කලාපයේ සමෘද්ධිය සහ ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව සමඟ වඩාත් සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද පැවසුවා.

දෙරට අතර ඓතිහාසික සබඳතා සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව පැවසූ ඒ ඔහු වර්තමානයේදී සාම්ප්‍රදායික භාණ්ඩ හුවමාරුවෙන් ඔබ්බට ගොස් සංචාරක ව්‍යාපාරය, ඩිජිටල් තාක්ෂණය, ආරක්ෂක සහයෝගීතාව සහ සංස්කෘතික හුවමාරුව වැනි නවීන අංශ ආවරණය වන ලෙසින් එම වර්ධනය සිදු ව ඇති බවද පැවසුවා.

මෙම විවිධාංගීකරණය තුළින්, දෙරටෙහි ද්විපාර්ශ්වික සබඳතාවල ඉදිරිගාමී බව පමණක් නොව, වේගයෙන් වෙනස් වන ලෝකයේ ඉල්ලීම් සපුරාලීම සඳහා දෙරටෙහි පොදු අපේක්ෂාව පිළිබිඹු කරන බවද ජනාධිපති මුයිසු වැඩිදුරටත් සඳහන් කළා.

අධ්‍යාපන, සෞඛ්‍ය සහ මානව සම්පත් සංවර්ධනය වැනි ප්‍රමුඛ ක්ෂේත්‍රවල දෙරටෙහි දිගුකාලීන සහයෝගීතාව මෙහිදී සිහිපත් කළ මාලදිවයින් ජනාධිපතිවරයා, එම සහයෝගිතාව වත්මන් ආර්ථිකමය ප්‍රසාරණය සඳහා ශක්තිමත් පදනමක් සකස් කරන බව පෙන්වා දුන්නා.

එසේම, දෙරට අතර මෑතකාලීන ඉහළ මට්ටමේ සාකච්ඡා තුළින් මෙතෙක් භාවිතයට නොගත් නව ආර්ථිකමය විභවයන් සොයා බලමින් දෙරටෙහි ජනතාවගේ ආර්ථික අවස්ථා පුළුල් කරනු ඇති බවට ජනාධිපති මුයිසු විශ්වාසය පළ කළා.

පරම්පරා ගණනාවක් තිස්සේ, මාලදිවයින් වැසියන් ශ්‍රී ලංකාව හවුල්කරුවෙකු පමණක් නොව දෙවන නිවහනක් ලෙස ද සැලකූ බව ප්‍රකාශ කළ ඒ ඔහු, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවලට පාදක වූයේ සවිමත් පෞද්ගලික සහ ආයතනික සම්බන්ධතා බවද ප්‍රකාශ කර සිටියා.

මෙම ඥාතිත්වයේ හැඟීම, දෙරටෙහි ආර්ථිකමය ප්‍රගමණය සඳහා සුවිශේෂි වාසි සහගත තත්ත්වයක් නිර්මාණය කරන බවද මාලදිවයින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53