ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය එළිදකී

මෙරට ඩිජිටල් මාධ්‍ය අවකාශයේ කටයුතු කරන ජනමාධ්‍යවේදීන්ගේ එකතුවෙන් නිර්මාණය වූ ‘ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය’ ඊයේ (28) නිල වශයෙන් එළිදැක්වනු ලැබුවා.

ඩිජිටල් මාධ්‍ය, ක්ෂේත්‍රයක් ලෙස වර්ධනයවීමත් සමඟ මතු වී තිබෙන සහ මතුවෙමින් පවතින අභියෝග සහ ගැටලුවලට එකමුතුවක් ලෙස මුහුණදීමේ අරමුණින් මෙම සංගමය පිහිටුවා තිබෙනවා.

මෙම උත්සවයේදී අදහස් දක්වමින් සංගමයේ සභාපති මංජුල බස්නායක ප්‍රකාශ කර සිටියේ, ගෝලීය වශයෙන් පැමිණෙන ගැටළුවලදී එකතුවක් ලෙස මුහුණදීමට හැකියාව තිබෙන බවයි.

එමෙන්ම සාවද්‍ය තොරතුරු පැතිර යාමත්, නියාමනයන් සම්බන්ධ ගැටලු හා ඩිජිටල් මාධ්‍ය ආචාරධර්ම පිළිබද ගැටලුවලට විසදුම් සෙවීමට මෙම සංගමය හරහා හැකිවන බවත් සඳහන් කළා.

මෙම අවස්ථාවේ මතුවුණු වැදගත් අදහසක් ලෙස සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ, රජයට සිය සහයෝගය අවශ්‍ය බව මෙන්ම තමන්ට ද රජයේ සහයෝගය අවශ්‍ය බවයි.

මෙම සංගමය පිහිටුවීමෙන් ඒ සදහා නිවැරදි හා ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින් නියාමනයන් සම්බන්ධව ද මැදිහත්වීමට අවස්ථාව ලැබෙන බව එහිදී ප්‍රකාශ වුණා.

මේ වන විටත් ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් ඩිජිටල් මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් සහ එම සංගමයේ ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලෙස මංජුල බස්නායක කටයුතු කරන අතර, උප සභාපති ලෙස නිරෝෂ් මෛත්‍රී කටයුතු කරනවා.

එම සංගමයේ ලේකම් තනතුරේ තුෂාරා සෙව්වන්දි කටයුතු කරන අතර, උප ලේකම් ලෙස කටයුතු කරන්නේ අභිෂේකා ප්‍රනාන්දුයි.

මනෝජ් රත්නායක කැදවුම්කරු වශයෙන් කටයුතු කරන අතර, භාණ්ඩාගාරික ලෙස සචිත්‍ර වික්‍රමනායක කටයුතු කරනවා.

එමෙන්ම මෙම සංගමයේ උපදේශක ලෙස කටයුතු කරන්නේ මාධ්‍යවේදී මන්දනා ඉස්මයිල් අබේවික්‍රමයි.

කමිටු සාමාජිකයින්,
රත්නම් තායාපාරන්
කේශාල් ජයසිංහ
අසාම් අමීන්
රන්හිරු සුභාවික්‍රම
තරිදු උඩුවරගෙදර
රාජගෝපාල් යෂිහරම්
ධනංජය නාරන්බැද්ද
උස්මාන් අකීල්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24