නව තානාපතිවරුන් 05ක් සහ මහ කොමසාරිස්වරයෙක්ට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

නව තානාපතිවරුන් පහක්, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට පසුගිය 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ, අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධනගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරනු ලැබුවා.

එමෙන්ම බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සී.ඒ චාමින්දා ඉනෝකා කොලොන්නේ, මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන්, තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.ආර්.එම්.එන්.පී.ජී.බී. කදුරුගමුව, නේපාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස රුවන්ති දෙල්පිටිය, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාරිමුත්තු කේ පද්මනාදන් යන අයගේ නම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබෙනවා.

මිට අමතරව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේනගේ නම ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇති බව සඳහන්.

හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කමිටුවේ සාමාජික, අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, අනිල් ජයන්ත, හර්ෂණ නානායක්කාර,උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයින් වන රිෂාඩ් බදියුදීන්, දයාසිරි ජයසේකර, එම්. නිසාම් කාරියප්පර් යන අය සහභගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඟට දැනෙන උෂ්ණත්වය අවදානම් මට්ටමක
05:39
Video thumbnail
ෆෝන් කඩේට රිංගන්න හදපු හොරාට අන්තිමට වුණ වැඩේ
01:37
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරලා නඩු ටික කඩිනමින් විසඳනවා
02:30
Video thumbnail
බන්ධනාගාරයේ හිටපු රැඳවියෙක් කළ ආන්දෝලනාත්මකප්‍රකාශයට පොලිස් ඇමති උත්තර දෙයි
07:46
Video thumbnail
වෙන්නප්පුව කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
00:51
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16