ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාත් විෂය නිලධාරීන් දැනුවත් කෙරේ

ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණ වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව අද (26) මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් වුණා.

ජනාධිපති අරමුදලේ සියලු කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන අයදුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ, සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගගත ක්‍රමවේදය (Online System) පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම අත්‍යවශ්‍ය වී තිබෙනවා.

ඒ, අනුව පළාත් මට්ටමින් ක්‍රියාත්මක පුහුණු වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව පැවති අතර අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීන් 100කට වැඩි පිරිසක් ඊට සහභාගි වී සිටියා.

මෙම වැඩසටහන මගින්, නැගෙනහිර පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිලාභීන් වෙත ඉහළ ගුණාත්මක සේවාවක් ලබාදීම, නවීකරණය වූ මාර්ගගත ක්‍රමවේද හදුන්වාදීම හා වඩාත් කඩිනම් සේවාවන් සැපයීම පිණිස අදාළ දැනුම හා පුහුණුව ලබා දීමට අපේක්ෂිතයි.

කොළඹ කේන්ද්‍රීයව සීමිත පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබාදුන් ජනාධිපති අරමුදල රට පුරා වෙසෙන ජනතාව වෙත ප්‍රතිලාභ ලබාදෙන ජනතාවගේ අරමුදලක් ලෙස ක්‍රියාත්මක කිරීම වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ පාලක මණ්ඩලයේ මූලික අරමුණක් වී ඇති අතර, එම අරමුණ ඉටුකර ගැනීම සඳහා මෙවැනි පුහුණු වැඩසටහන් මේ වන විට බස්නාහිර, උතුර සහ දකුණු පළාතේ ක්‍රියාත්මක කර ඇති අතර අනෙකුත් පළාත්වල ද ඉදිරියේ දී වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇති.

ජනාධිපති අරමුදලේ කාර්යභාරය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ විසින් මෙහිදී පැමිණ සිටි පිරිස දැනුවත් කරනු ලැබුවා.

පරිගණක පද්ධතියේ ආරක්ෂාව සහ භාවිතය පිළිබඳව මෙන්ම වෛද්‍යාධාර අයදුම්පත් භාරගැනීමේ සිට අනුමැතිය දක්වා සිදුවන ක්‍රියාවලිය සහ අනුමත වීමෙන් පසු වෛද්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳවද ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කරුණු පැහැදිලි කළා.

එමෙන්ම, විෂය නිලධාරින් මුහුණ දෙන ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම්ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, සහභාගිත්වය වෙනුවෙන් විෂය භාර නිලධාරින් වෙත සහතික පත් ප්‍රදානය කිරීමක්ද සිදු කෙරුණා.

අදාළ දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය නිලධාරින් හා ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56