ජපන් රජයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ජපානයේ වෙළෙඳ ,වාණිජ සහ කර්මාන්ත ක්ෂේත්රවල නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (24) පස්වරුවේ පැවැත් වුණා.
ශ්‍රී ලංකාව තුළ ජපන් ආයෝජන පුළුල් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම ජපන් දූත පිරිස පැමිණ තිබෙනවා.
මෙරට තුළ ආයෝජන ක්ෂේත්රයේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කළ ජපන් දූත පිරිස ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිතයි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ, වෙළෙඳ ප්‍රතිපත්ති කාර්යාංශයේ නිරිතදිග ආසියානු කාර්යාලයේ අධ්යක්ෂ තොෂියුකි ෂිමානො (Toshiyuki Shimano), එහි නියෝජ්‍ය අධ්යක්ෂ හිරෝමි සුමි (Hiromi Sumi), ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ නිරිතදිග ආසියානු කලාපීය නියෝජිත ටොයොකසු නගමුනෙ (Toyokazu Nagamune) ඇතුළු ජපන් රජයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ නියෝජිතයෝ, ජපන් වෙළෙඳ, වාණිජ සහ කර්මාන්ත ක්ෂේත්රවල නියෝජිතයෝ සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



