අගෝස්තු මුල් සතියේ දින තුනක් පාර්ලිමේන්තුව රැස්වෙයි

එළඹෙන අගෝස්තු මාසයේ පළමු සතියේ 05,06 සහ 07 යන දිනයන්වල පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය වී තිබෙනවා.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර සඳහන් කළේ.

මේ අනුව අගෝස්තු 05 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර ඇත්තේ.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 4.00 දක්වා පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය අගෝස්තු 05 වැනිදා විවාද කිරීමට පාර්ලිමේන්තු ක‍ටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

ප.ව 4.00ට ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටත් මෙහිදී තීරණය වූ බවයි පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය පැවසුවේ.

අනතුරුව ප.ව 4.15 සිට ප.ව 5.30 දක්වා ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත යටතේ නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග විවාදයට ගෙන අනුමත කිරීමට ද එකඟත්වය පළ වී තිබෙනවා.

ඉන්පසු ප.ව 5.30 සිට ප.ව 6.00 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර අගෝස්තු 06 වැනි බදාදා පෙ.ව 9.30- පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 – 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා පෙ.ව 10.30 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කිරීමටයි තීරණය කර ඇත්තේ.

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙන අතර, අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත ( දෙවැනිවර කියවීම), දුම්කොළ බදු පනත යටතේ නියමය සහ තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහායි කාලය වෙන් කර ඇත්තේ.

අගෝස්තු 07 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙ.ව 11.30 සිට මධ්‍යහ්න 12.00 දක්වා විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) විවාදයකින් තොරව සම්මත කිරීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

අනතුරුව මධ්‍යහ්න 12.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව “රටේ වර්තමාන ආර්ථිකය” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31