තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, දකුණු සහ සබරගමුව පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හමන පැයට කිලෝ මීටර් 55-60 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අද (21) පෙරවරු 10.00ට නිකුත් කළ මෙම අවවාදාත්මක නිවේදනය හෙට (22) පෙරවරු 10.00 දක්වා වලංගුවනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
3
+1





