මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා අද උසාවියට – මන්ත්‍රී රෝහිතගේ දුව ගෙදරින් අතුරුදන්

නීති විරෝධී ලෙස එකලස් කළ ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා අද (20) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සැකකාර රසික විතාන නැමැත්තා මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.

පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් ඔහුව ඊයේ (19) මතුගම, නෑබඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

නීති විරෝධීව කොටස් ලෙස ගෙන්වා එකලස් කර කුඨ ලේඛන භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බව කියන ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථය ද සැකකාර රසික විතාන සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු සහ ජීප් රථය මතුගම පොලිස් ස්ථානය වෙත රැගෙන එමටයි කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත් පාඩුව අනාවරණය වී ඇත්තේ මෙම ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථ මීට පෙර; පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන සන්තකයේ තිබී ඇති බවයි.

පසුව එම රථය 2024 වසරේ දී රසික විතාන විසින් ඇයගෙන් මිලදී ගෙන තිබූ බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණියගේ කළුතර, දෙල්දූව ප්‍රදේශයේ පිහිටි නිවසට පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ඊයේ (19) රාත්‍රියේ ගොස් තිබුණා.

කෙසේ වෙතත් එම නිවසේ කිසිවෙක් නොසිටීම හේතුවෙන් එම නිලධාරීන්ට සිදුවුණේ නැවත හැරී ඒමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
14
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?