මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා අද උසාවියට – මන්ත්‍රී රෝහිතගේ දුව ගෙදරින් අතුරුදන්

නීති විරෝධී ලෙස එකලස් කළ ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා අද (20) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සැකකාර රසික විතාන නැමැත්තා මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.

පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් ඔහුව ඊයේ (19) මතුගම, නෑබඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

නීති විරෝධීව කොටස් ලෙස ගෙන්වා එකලස් කර කුඨ ලේඛන භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බව කියන ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථය ද සැකකාර රසික විතාන සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු සහ ජීප් රථය මතුගම පොලිස් ස්ථානය වෙත රැගෙන එමටයි කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත් පාඩුව අනාවරණය වී ඇත්තේ මෙම ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථ මීට පෙර; පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන සන්තකයේ තිබී ඇති බවයි.

පසුව එම රථය 2024 වසරේ දී රසික විතාන විසින් ඇයගෙන් මිලදී ගෙන තිබූ බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණියගේ කළුතර, දෙල්දූව ප්‍රදේශයේ පිහිටි නිවසට පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ඊයේ (19) රාත්‍රියේ ගොස් තිබුණා.

කෙසේ වෙතත් එම නිවසේ කිසිවෙක් නොසිටීම හේතුවෙන් එම නිලධාරීන්ට සිදුවුණේ නැවත හැරී ඒමටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25