නාරම්මල පොලිස් වසමේ නාරම්මල – ගිරිඋල්ල මාර්ගයේ නාරම්මල දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් විරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (19) දහවල් සිදු වූ මෙම අනතුරින් කුඩා දැරියන් දෙදෙනෙක් සහ කාර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය දැරියන් දෙදෙනා මාස 09ක් සහ මාස 11 යන වයස්වල පසුවන අතර, රියදුරු වයස අවුරුදු 38ක වූ දිවුල්ලෑව, මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙක් සහ තවත් පිරිමි පුද්ගලයෙක් දඹදෙණිය රොහලට හා නාරම්මල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
අනතුරින් බස් රථයේ රියදුරු, කොන්දොස්තර හා මගියෙකු ද තුවල ලබා දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
නාරම්මල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.















