දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාට අපහාස වන ආකාරයේ ප්‍රචාරණ බෑ – අධිකරණය

දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයා ලෙස කටයුතු කරන ප්‍රදීප් නිලංග දෑල මහතාට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වළක්වන නියෝගයක් සුදත්ත තිලකසිරි නමැත්තාට එරෙහිව කොළඹ දිසා අධිකරණ අද (16) නිකුත් කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, සිය නීතිඥයන් මාර්ගයෙන් ගොනු කරන ලද නඩුකරයකට අදාළ ව එම නඩුවේ විත්තිකරුවන් වන සුදත්ත තිලකසිරි සහ දමිත් නුවන් කොඩිතුවක්කු ආරච්චිගේ යන දෙදෙනාට එරෙහිව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සදුන් විතාන මහතා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙන බවයි.

ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයා ලෙස කටයුතු කරන ප්‍රදීප් නිලංග දෑල මහතාට එරෙහිව සෘජුව හෝ වක්‍රව අපහාස වන ආකාරයේ ප්‍රවෘත්ති පළ කිරීම හෝ ප්‍රකාශයන් පළ කිරීම මෙන්ම ඕනෑම ආකාරයක අපහාසාත්මක කටයුත්තක් සිදු කිරීම තහනම් කර තිබෙනවා.

විත්තිකරුවන් විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාවන්හි එවැනි දේ පළ කිරීම ද එම වාරණ නියෝගය මගින් තහනම් කර තිබෙනවා.

පැමිණිලිකාර ප්‍රදීප් නිලංග දෑල මහතා වෙනුවෙන් නීතිඥ රසික දිසානායක, නීතිඥ අසංක ජයනාත්, නීතිඥ චෙරාග් නිල්ගිරිය යන මහත්වරු පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
6
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?