ට්‍රම්ප්ගේ තීරුබදු ක්‍රමයෙන් ඉන්දියාවටත් අර්බුදයක්? – ඉන්දුනීසියාව තීරුබදු අඩු කරගන්න වුණ පොරොන්දුව

ඉන්දියාව, අමෙරිකා – ඉන්දුනීසියානු වෙළෙඳ ගිවිසුමට සමාන මාවතක ගමන් ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ට්‍රම්ප් ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සාකච්ඡාකරුවන් අගෝස්තු 1 වන දින ට්‍රම්ප් විසින් ගිවිසුම් ඇති කර ගැනීමට නියම කර ඇති අවසාන දිනයට පෙර ගිවිසුමකට එළඹීමට කටයුතු කරමින් සිටින බවත් එම සාකච්ඡා අසාර්ථක වුවහොත්, දැඩි අර්බුදයකට මුහුණපෑමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දුනීසියාව සමඟ ප්‍රකාශයට පත් කළ වෙළඳ ගිවිසුමට සමාන ආකාරයකින් ඉන්දියාව වෙළඳ ගිවිසුමක් සඳහා කටයුතු කරන බවත්, එමඟින් එක්සත් ජනපදයට ඉන්දියානු වෙළඳපොළට වැඩි ප්‍රවේශයක් ලබාදීමට හැකි වනු ඇති බවත් සඳහන්.

ජකර්තා සමඟ ඇති කර ගත් ගිවිසුම යටතේ, එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 19ක තීරුබදුවක් පවතිනු ඇති නමුත් එක්සත් ජනපදයේ සිට ඉන්දුනීසියාවට අපනයනය කරන භාණ්ඩ සඳහා කිසිදු තීරුබදුවක් අය නොකරන බව ට්‍රම්ප් වොෂින්ටනයේ වාර්තාකරුවන්ට පැවසුවා.

අගෝස්තු 01 වනවිට ගිවිසුමක් ඇති කර නොගන්නේ නම් සියයට 35ක් දක්වා ඉහළ තීරුබදු පැනවීමට තර්ජනය කරමින් ඔහු රටවල් කිහිපයකට සහ යුරෝපීය සංගමයට ලිපි නිකුත් කර ඇති අතර, ට්‍රම්ප් ඉන්දියාවට ද ඒ හා සමාන අනතුරු ඇඟවීමක් යවා තිබෙනවා.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දුනීසියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 19%ක තීරුබදු පනවා තිබෙනවා.

ඊයේ අග්නිදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාව සමග නව ගිවිසුමක් යටතේ ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ඒ අනුව මීට පෙර සඳහන් කර තිබූ 32%ක තීරු බදු පැනවීම 19% දක්වා අඩු කිරීමට ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ඉන්දුනීසියාව අමෙරිකානු බලශක්ති සහ කෘෂිකාර්මික නිෂ්පාදන මෙන්ම ඩොලර් බිලියන ගණනක් වටිනා බෝයිං ජෙට් යානා මිල දී ගැනීමට එකඟ වීමෙන් පසුව ට්‍රම්ප් විසින් මෙම සහනය ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?