ට්‍රම්ප්ගේ තීරුබදු ක්‍රමයෙන් ඉන්දියාවටත් අර්බුදයක්? – ඉන්දුනීසියාව තීරුබදු අඩු කරගන්න වුණ පොරොන්දුව

ඉන්දියාව, අමෙරිකා – ඉන්දුනීසියානු වෙළෙඳ ගිවිසුමට සමාන මාවතක ගමන් ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ට්‍රම්ප් ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සාකච්ඡාකරුවන් අගෝස්තු 1 වන දින ට්‍රම්ප් විසින් ගිවිසුම් ඇති කර ගැනීමට නියම කර ඇති අවසාන දිනයට පෙර ගිවිසුමකට එළඹීමට කටයුතු කරමින් සිටින බවත් එම සාකච්ඡා අසාර්ථක වුවහොත්, දැඩි අර්බුදයකට මුහුණපෑමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දුනීසියාව සමඟ ප්‍රකාශයට පත් කළ වෙළඳ ගිවිසුමට සමාන ආකාරයකින් ඉන්දියාව වෙළඳ ගිවිසුමක් සඳහා කටයුතු කරන බවත්, එමඟින් එක්සත් ජනපදයට ඉන්දියානු වෙළඳපොළට වැඩි ප්‍රවේශයක් ලබාදීමට හැකි වනු ඇති බවත් සඳහන්.

ජකර්තා සමඟ ඇති කර ගත් ගිවිසුම යටතේ, එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 19ක තීරුබදුවක් පවතිනු ඇති නමුත් එක්සත් ජනපදයේ සිට ඉන්දුනීසියාවට අපනයනය කරන භාණ්ඩ සඳහා කිසිදු තීරුබදුවක් අය නොකරන බව ට්‍රම්ප් වොෂින්ටනයේ වාර්තාකරුවන්ට පැවසුවා.

අගෝස්තු 01 වනවිට ගිවිසුමක් ඇති කර නොගන්නේ නම් සියයට 35ක් දක්වා ඉහළ තීරුබදු පැනවීමට තර්ජනය කරමින් ඔහු රටවල් කිහිපයකට සහ යුරෝපීය සංගමයට ලිපි නිකුත් කර ඇති අතර, ට්‍රම්ප් ඉන්දියාවට ද ඒ හා සමාන අනතුරු ඇඟවීමක් යවා තිබෙනවා.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දුනීසියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 19%ක තීරුබදු පනවා තිබෙනවා.

ඊයේ අග්නිදිග ආසියානු රටක් වන ඉන්දුනීසියාව සමග නව ගිවිසුමක් යටතේ ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ඒ අනුව මීට පෙර සඳහන් කර තිබූ 32%ක තීරු බදු පැනවීම 19% දක්වා අඩු කිරීමට ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ඉන්දුනීසියාව අමෙරිකානු බලශක්ති සහ කෘෂිකාර්මික නිෂ්පාදන මෙන්ම ඩොලර් බිලියන ගණනක් වටිනා බෝයිං ජෙට් යානා මිල දී ගැනීමට එකඟ වීමෙන් පසුව ට්‍රම්ප් විසින් මෙම සහනය ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂයාට පහරදීපු සිද්ධියට පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද..?
10:49
Video thumbnail
ලෝක ළමා දිනයේ ඇමති වසන්ත දරුවන් වෙනුවෙන් කිව්ව දේ..
11:45
Video thumbnail
රනිල්ට එල්ල කරපු ප්‍රහාරය ද ආරක්ෂකයාට වැදුණේ
10:42
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයාට එල්ල වූ ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ
03:58
Video thumbnail
පිටිසර පාසලක දරුවන් අත්විඳින දුෂ්කරතා ගැන නෙතට කඳුලක් ගෙනෙන කතාවක්
08:43
Video thumbnail
මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද ආණ්ඩුව හිතාගෙන ඉන්නේ
08:33
Video thumbnail
රජයෙන් අපිට කිසිම සහනයක් නෑ, රජයෙන් කිසිම වැඩක් නෑ
05:30
Video thumbnail
අපි ජනාධිපතිතුමාව විශ්වාස කරනවා - ජනාධිපතිතුමා කිව්වා වගේම සහනාධාරයක් දෙයි
03:57
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57