ලංවිම ප්‍රතිව්‍යූහගතකරණය ගැන විශේෂ සාකච්ඡාවක් – ඇමතිට වෘත්තීය සමිතිවලින් ප්‍රශංසාවත්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (09) පස්වරුවේ බලශක්ති අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ තුළ සේවකයින්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම ඇතුළු වෘත්තීය සමිතිවල අවධානයට යොමු වුණ කරුණු රැසක් සාකච්ඡාවට ලක් කෙරුණු බවයි වාර්තා වන්නේ.

මෙහිදී කරුණු දැක්වූ අමාත්‍යවරයා, විදුලිබල ක්ෂේත්‍රය රජයේ හිමිකාරීත්වය යටතේ තබාගැනීම රජයේ ප්‍රතිපත්තිය බව ද මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ හරහා කිසිසේත් සේවක අයිතිවාසිකම් අඩු කිරීමට හෝ කප්පාදු කිරීමට කටයුතු නොකරන බව ද ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයින්; අමාත්‍යවරයා සමග සෘජුව සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ ව ස්තුතිවන්ත වන බවත් විදුලිබල ක්ෂේත්‍රය රජයේ හිමිකාරීත්වය යටතේ තබාගන්නා මේ ප්‍රතිපත්තිය ඉහළින් අගය කරන බවත් පැවසුවා.

සේවක අයිතීන් හා වරප්‍රසාද සුරැකීම කෙරෙහි රජයත් අමාත්‍යවරයා දක්වන සැළකිල්ල ඉහළින් අගය කරන බවත් විදුලිබල ක්ෂෙත්‍රයේ දියුණුවට දියහැකි උපරිම දායකත්වය ලබාදීමට වෘත්තීය සමිති ව්‍යාපාරයේ සහයෝගය ලබාදෙන බවත් ප්‍රකාශ කළා.

විදුලිබල මණ්ඩලය හා ආශ්‍රිත වෘත්තීය සමිති 42ක නියෝජිතයන් මේ හමුව සදහා ආරාධනා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52