ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (09) පස්වරුවේ බලශක්ති අමාත්‍යංශයේ දී පැවැත්වුණා.
මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ තුළ සේවකයින්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම ඇතුළු වෘත්තීය සමිතිවල අවධානයට යොමු වුණ කරුණු රැසක් සාකච්ඡාවට ලක් කෙරුණු බවයි වාර්තා වන්නේ.
මෙහිදී කරුණු දැක්වූ අමාත්‍යවරයා, විදුලිබල ක්ෂේත්‍රය රජයේ හිමිකාරීත්වය යටතේ තබාගැනීම රජයේ ප්‍රතිපත්තිය බව ද මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ හරහා කිසිසේත් සේවක අයිතිවාසිකම් අඩු කිරීමට හෝ කප්පාදු කිරීමට කටයුතු නොකරන බව ද ප්‍රකාශ කළා.
මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයින්; අමාත්‍යවරයා සමග සෘජුව සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ ව ස්තුතිවන්ත වන බවත් විදුලිබල ක්ෂේත්‍රය රජයේ හිමිකාරීත්වය යටතේ තබාගන්නා මේ ප්‍රතිපත්තිය ඉහළින් අගය කරන බවත් පැවසුවා.
සේවක අයිතීන් හා වරප්‍රසාද සුරැකීම කෙරෙහි රජයත් අමාත්‍යවරයා දක්වන සැළකිල්ල ඉහළින් අගය කරන බවත් විදුලිබල ක්ෂෙත්‍රයේ දියුණුවට දියහැකි උපරිම දායකත්වය ලබාදීමට වෘත්තීය සමිති ව්‍යාපාරයේ සහයෝගය ලබාදෙන බවත් ප්‍රකාශ කළා.
විදුලිබල මණ්ඩලය හා ආශ්‍රිත වෘත්තීය සමිති 42ක නියෝජිතයන් මේ හමුව සදහා ආරාධනා කර තිබුණා.















