රාගම – බටුවත්තේ දී පසුගියදා ගනේමුල්ල සංජීව නමැති පාතාල කල්ලි නායකයාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ආමි උපුල් නමැත්තාව ඝාතනයට සහාය දුන් සැකකරුවෙකු රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය, අවි ආයුධ සමග අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කරන ලද මෙහෙයුමකදී අත් අඩංගුවට ගැනුණා.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 09කට අධික ප්‍රමාණයක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 67ක්, සබ් මැෂින් ගන් වර්ගයේ ගිනි අවි දෙකක්, මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 10ක්, කඩුවක්, ගුවන් හමුදා නිල ඇඳුම්, ජංගම දූරකථන 04ක්, ලැප්ටොප් එකක්, ඉලෙක්ට්‍රොනික තරාදි 04ක් ද සොයා ගෙන ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
මෙම ගිනිඅවි දෙකෙන් එක් ගිනි අවියක් ඝාතනය සඳහා යොදාගෙන තිබූ බවයි සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
සැකකරුවන් වසර ගණනාවක සිට බටුවත්ත ප්‍රදේශයේම කුලී පදනම මත ලබාගත් නිවසක සිට ජාවාරම සහ ඝාතනය මෙහෙයවා ඇති බවත් හෙළි ව තිබෙනවා.





