ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාව දකුණු අප්‍රිකාවේ වියාන් මෝල්ඩර් මඟ හැරගනී

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක දී ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමා සතුකර ගැනීමට තිබූ අවස්ථාව දකුණු අප්‍රිකානු තාවකාලික ටෙස්ට් නායක වියාන් මෝල්ඩර් විසින්ම අහිමිකර ගත්තා.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දකුණු අප්‍රිකානු පළමු ඉනිම කඩුලු 05ක් දැවී ලකුණු 626ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කරමින්.

මෙම තරගයේ දෙවන දිනය වූ අද (07) දිනයේ දිවා ආහාරයෙන් පසු දකුණු අප්‍රිකානුවන් සිය පළමු ඉනිම අත්හිටුවන විට නායක වියාන් මෝල්ඩර් නොදැවී ලකුණු 367ක් රැස්කරගෙන සිටියා.

ඒ අනුව ඔහුට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක දී ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තා සම කිරීමට තවත් ලකුණු 33ක් අවශ්‍යව තිබූ අතර එම වාර්තාව පසුකර යාමට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 34ක් පමණයි.

කෙසේ වෙතත් එම ස්වර්ණමය අවස්ථාව තමා විසින්ම මඟ හැරගත් දකුණු අප්‍රිකානු නායක වියාන් මෝල්ඩර් දකුණු අප්‍රිකා ඉනිම අත්හිටුවමින් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර පහරදීමට ආරාධනා කළා.

කෙසේ වෙතත් බුලවායෝ හිදී පැවැත්වෙන මෙම තරගය දෙස ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන් දෑස් දල්වා බලා සිටියේ වියාන් මෝල්ඩර් එම ලෝක වාර්තාව තමාගේ නම ඉදිරියේ ලියගනු ඇතැයි අපේක්ෂාවෙන්.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක දී ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි පිත්කරු බ්‍රයන් ලාරාගේ නම ඉදිරියේ තවමත් ලිය වී පවතිනවා.

ලාරා ටෙස්ට් ඉනිමක දී ලකුණු 400ක් රැස්කරගෙන එම ලෝක වාර්තාව තමාගේ නම ඉදිරියේ ලියාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39