බලශක්ති අමාත්‍යංශයේ සැප වාහන කිහිපයක් විකිණීමේ සූදානමක්

බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී වාහන කිහිපයක් විකිණීම සඳහා ටෙන්ඩර්පත් කැඳවා තිබෙනවා.

ඒ, අනුව ලංසු ඉදිරිපත් කරන සෑම වාහනයක් සඳහාම වෙන වෙනම අයදුම්පත් යොමු කළ යුතු අතර, ආපසු නොගෙවන රුපියල් 5000 ක මුදලක් ගෙවා අංක 437, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටි බලශක්ති අමාත්‍යංශයෙන් අදාළ අයදුම්පත් ලබාගත හැකි බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

එලෙස අයදුම්පත් ලබාගත් අයට ඉහත ලිපිනයේ සහ අංක 80, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07 ලිපිනයේදී එකී වාහන පරීක්ෂා කර බැලීමේ හැකියාව පවතිනවා.

තම තමන්ගේ මිල ගණන් දක්වා සම්පූර්ණ කරන ලද අයදුම්පත් ආපසු ගෙවනු ලබන රුපියල් 50,000ක ආරක්ෂක මුදල් තැන්පතුවක් සහිත රිසිට්පත ද සමඟ 2025.07.16 දින පෙරවරු 10.00ට පෙර අමාත්‍යංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ බහාලිය යුතු වනවා.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර 0112 574740 හා 0112 574941 යන දුරකථන අංක ඇමතීමෙන් හෝ energymin.gov.lk වෙබ් අඩවිය මගින් ලබා ගත හැකි බවයි බලශක්ති අමාත්‍යංශය නිවේදනය කළේ.

ටෙන්ඩර්පත් කැඳවා ඇති වාහන වර්ග පිළිබඳ විස්තර පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41
Video thumbnail
උතුරේ හෙල්මට් නැතුව බයික්වල ගිය තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා..නීතිය හැමට සමානයි
02:19
Video thumbnail
හේමරතන හිමි තවත් මෙහෙම සිදුවීම් කරලද ? බලයෙන් යට ගිහින්ද ?..දැරිය මුදලටද ලබාගත්තේ ?
05:56
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා පොලිස් මාධ්‍ය සාකච්ඡාව උණුසුම්..පොලිසියටත් උත්තර නැතිවෙයි?
08:08
Video thumbnail
අපරාධකරුවන් 21 ලංකාවට ගෙනාපු මෙහෙයුම පොලිසිය හෙළිකරයි..ඉරානයේ පවතින යුද්දයෙන් කොටු වෙන්නේ
02:47
Video thumbnail
මෙරටට ගෙනා සැකකරුවන් 21ට වෙන්න යන දේ මෙන්න - කිසිදු සැකකරුවෙක්ට යහතින් ඉන්න බෑ
08:09
Video thumbnail
නම්බුකාර විදියට ඉල්ලා අස්වෙන්න..පළවෙනිදා ආණ්ඩුවට වෙන්න යන දේ තිස්සකුට්ටි හෙළිකරයි
05:07
Video thumbnail
චෞර වළල්ලට අධිභාරය ගැන ඔත්තුව කළින් දීලා - විමල්ගෙන් වාහන අධිභාරය ගැන ප්‍රබල හෙළිදරව්වක්
05:15
Video thumbnail
බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳපොළේ සූදූපොළක් පොලිසියෙන් වටලයි..10 දෙනෙකු අත්අඩංගුවට
01:40