අලුත්ගම – මොරගල්ල රන් සැතපුම වෙරළතීරයේ සංචාරක පොලිස් බංගලාව ආසන්න ප්‍රදේශයේ දී ධීවර කටයුතු සඳහා මුහුදු යමින් සිටි එක් දින කුඩා ධීවර යාත්‍රාවක් පෙරලී ජීවිතක්ෂයට පත් වූ එකම පවුලේ ධීවරයින් දෙදෙනාගේ අවසන් කටයුතු අද (30) පස්වරුවේ සිදු කෙරුණා.
ඒ අලුත්ගම – කළුවාමෝදර සුසාන භූමියේදියි.
මෙලෙස අනතුරට ලක් ව ජීවිතක්ෂයට පත් වූයේ කළුවාමෝදර – දේවාල පාර ප්‍රදේශයේ ජීවත් වූ රවීන්ද්‍ර නදුන් කුමාර නමැති 46 හැවිරිදි අයෙක් සහ ඔහුගේ සහෝදරයා වූ 43 හැවිරිදි දුමින්ද ජගත් කුමාර යන අයයි.
ඔවුන් දෙදෙනා එකම පවුලේ උපන් සොහොයුරන් වනවා.
මියගිය ධීවරයින් දෙදෙනාගේ දේහයන් මුද්‍රා තබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙම ධීවරයින්ට අවසන් ගෞරව දැක්වීමට ජාතික ජන බලවේගය මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි ද එක් ව සිටියා.





