චොකලට් ගන්න මුදල් ඉල්ලුවාට පියා දියණියගේ ගෙළ සිරකර මරා දාලා

චොකලට් මිලදී ගැනීමට මුදල් ඉල්ලා සිටීමෙන් පසු සිය දියණිය ඝාතනය කළ පියෙකු පිළිබද පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ලාතූර් ප්‍රදේශයේ මෙම අපරාධය සිදුව ඇති අතර, පියා විසින් මෙලෙස ඝාතනය කර ඇත්තේ සිව් හැවිරිදි දැරියක් බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදුකළ සැකකාර පියා මත්පැන්වලට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඔහු මෙලෙස මත්පැන්වලට ඇබ්බැහි වී සිටීම නිරන්තරයෙන් පවුල තුළ ගැටුම් හටගෙන ඇති අතර, මේ හේතුවෙන් බිරිඳ ද ඔහුව හැරගොස් තිබෙනවා.

ඒ, අනුව දැරිය පියා සමඟ ජීවත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඊයේ දහවල් දැරිය චොකලට් මිලදී ගැනීමට පියාගෙන් මුදල් ඉල්ලා ඇති අතර, ඊට කෝපයට පත් පියා දැරියගේ ගෙළ සාරියකින් සිරකර ඇයව මරාදමා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

සැකකාර පියා මිනීමැරුම් චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති අතර, රතෝඩ් නැමැති සැකකරුගේ බිරිඳ වන වර්ෂා තම සැමියාට මරණ දඬුවම ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
9
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?