චොකලට් ගන්න මුදල් ඉල්ලුවාට පියා දියණියගේ ගෙළ සිරකර මරා දාලා

චොකලට් මිලදී ගැනීමට මුදල් ඉල්ලා සිටීමෙන් පසු සිය දියණිය ඝාතනය කළ පියෙකු පිළිබද පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ලාතූර් ප්‍රදේශයේ මෙම අපරාධය සිදුව ඇති අතර, පියා විසින් මෙලෙස ඝාතනය කර ඇත්තේ සිව් හැවිරිදි දැරියක් බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදුකළ සැකකාර පියා මත්පැන්වලට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඔහු මෙලෙස මත්පැන්වලට ඇබ්බැහි වී සිටීම නිරන්තරයෙන් පවුල තුළ ගැටුම් හටගෙන ඇති අතර, මේ හේතුවෙන් බිරිඳ ද ඔහුව හැරගොස් තිබෙනවා.

ඒ, අනුව දැරිය පියා සමඟ ජීවත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඊයේ දහවල් දැරිය චොකලට් මිලදී ගැනීමට පියාගෙන් මුදල් ඉල්ලා ඇති අතර, ඊට කෝපයට පත් පියා දැරියගේ ගෙළ සාරියකින් සිරකර ඇයව මරාදමා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

සැකකාර පියා මිනීමැරුම් චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති අතර, රතෝඩ් නැමැති සැකකරුගේ බිරිඳ වන වර්ෂා තම සැමියාට මරණ දඬුවම ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන හැටි - UNP කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වෙයි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06