බංග්ලාදේශ ටෙස්ට් නායකයා නායකත්වයෙන් ඉවත්වෙයි

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අවසන්වීමෙන් අනතුරුව ඔහු මේ බව නිවේදනය කළා.

“ටෙස්ට් ආකෘතියේ නායකත්වය තවදුරටත් කරගෙන යාමට මට අවශ්‍ය නෑ. මෙය පෞද්ගලික දෙයක් නොවේ. කණ්ඩායමේ අභිවෘද්ධිය සඳහා මම මෙම තීරණය ගත්තේ.” ෂැන්ටෝ තරඟයෙන් පසු මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව ජය හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
5
+1
31
+1
3
+1
3
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?