සරසවි සිසුවාගේ මළ සිරුර පෝට් සිටි වෙරළ තීරයේ

කොළඹ වරාය නගරයේ බීච් ප්ලාසා වෙරළ තිරයේ තිබී විශ්ව විද්‍යාල සිසුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ කොළඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ මළ සිරුරක්.

මෙම සිදුවා සහ තවත් සිසුන් දෙදෙනෙකෙන් මුහුදු ජීවින් පිළිබදව පර්යේෂණ සිදුකිරිම සඳහා ඊයේ (26) මෙම වෙරළ තීරයට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී මෙම සිසුවා පරීක්ෂණ සිදුකරමින් සිටින අතර තුර අතුරුදන්ව ඇති අතර, එලෙස අතුරුදන් වූ සිසුවාගේ මළ සිරුර අද (27) පෙරවරුවේ වෙරළ තීරයට ගොඩගසා තිබිය දී සොයා ගැනුණු බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇති සිසුවා අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 24ක අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
9
+1
5
+1
1
+1
162
+1
6
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?