වෙලේ සුදාගේ නඩුව ඔක්තෝම්බර් 10 කැඳවන්න – අධිකරණය (වීඩියෝ)

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහි නඩුව ඔක්තෝබර් 10 වනදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියම කළා.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය, මෙම නඩු විභාගය ඔක්තෝබර් මස 10 සහ 14 යන දිනවල කැඳවන ලෙස නියෝග කළා.

වෙලේ සුදා මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවලට වරදකරු වී ඇති අතර, ඔහු එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?