වෙලේ සුදාගේ නඩුව ඔක්තෝම්බර් 10 කැඳවන්න – අධිකරණය (වීඩියෝ)

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහි නඩුව ඔක්තෝබර් 10 වනදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියම කළා.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය, මෙම නඩු විභාගය ඔක්තෝබර් මස 10 සහ 14 යන දිනවල කැඳවන ලෙස නියෝග කළා.

වෙලේ සුදා මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවලට වරදකරු වී ඇති අතර, ඔහු එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36