මොරටුව – කොරළවැල්ල ශ්‍රමදාන මාවත ප්‍රදේශයේ වෙරළ තීරයට නාඳුනන වස්තුවක් දියඹේ තිබියදී ධීවරයින් විසින් ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.
අද (25) උදෑසන මෙම අමුතු වස්තුව වෙරළ තීරයේ දක්නට ලැබුණා.
මේ පිළිබඳව ධීවරයන් විසින් මහ නගර සභාවේ ගිනි නිවන පාලක නිලධාරිවරයාට හා පොලිසියට ද දැනුම්දී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව ද දැනුවත් කර ඇති අතර මෙම වස්තුව නාවික කටයුතු සඳහා භාවිත කරන බෝයාවක් යැයි සැක කරන බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.
මෙය දත්ත රැස් කිරීම සඳහා භාවිතා කරන සාගර විද්‍යාත්මක හෝ කාලගුණ විද්‍යා බෝයා වර්ගයක් ලෙස නිරීක්ෂණය වන බව ද පැවසෙනවා.
එහි මතුපිට බහු සූර්ය පැනලවලින් සමන්විත වන අතර එමඟින් එහි අභ්‍යන්තර උපකරණ සහ සම්ප්‍රේෂකවලට බලය ලබා දෙනු ලබන ජල උෂ්ණත්වය, ධාරා හෝ කාලගුණ රටා වැනි තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා ජලය මතුපිට පා වීමට, සමහර විට නැංගුරම් ලා තැබීමට ද යොදා ගන්නා බවත් සඳහන්.





