හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික විදෙස් ගමන් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් අද (24) වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ තවදුරටත් විමර්ශන කටයුතු කරන බවයි.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදු කරන එම විමර්ශන පොදු දේපළ පනත ප්‍රකාරව කරන බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවියට දැනුම් දුන්නා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
9
+1
+1
+1
+1





