බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කෙරේ – ලිටන් දාස්ටත් අවස්ථාවක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ජුලි මස 01 වැනිදා ඇරඹීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කර තිබෙනවා.

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දී සිදු වූ අසාර්ථකත්වයෙන් පසු බංග්ලාදේශ කණ්ඩායම යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා මෙලෙස එක්දින සංචිතයට කැඳවා ඇත්තේ ලිටන් දාස්, මොහොමඩ් නයිම්. ෂම්මි හොසේන්, තන්වීර් ඉස්ලාම් හා හසන් මහමුද් යන ක්‍රීඩකයින් බවයි වාර්තා වන්නේ.

මහමුදුල්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාම සහ මුෂ්ෆිකර් රහීම් එක්දින තරගවලින් විශ්‍රාම යාම හේතුවෙන් මෙම වෙනස්කම් සිදු කළ බව ද වාර්තා වනවා.

ප්‍රධාන තේරීම් කමිටු සාමාජික ගාසි අෂ්රෆ් හොසේන් පැවසුවේ ලිටන් මෑතකදී බංග්ලාදේශ 20-20 නායකයා ලෙස නම් කරන ලද නිසා ඔහුට අවස්ථාව ලැබුණු බවයි.

ලිටන් 2023 දෙසැම්බර් මාසයේ නවසීලන්ත සංචාරය සහ 2024 දෙසැම්බර් මාසයේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතර එක්දින තරග අටක දී ලකුණු 35ක් පමණක් ලබා ගැනීමත් ඔහුගේ දුර්වල පිතිකරණ රටාවෙන් පසුව ටෙස්ට් තරගාවලියේ දී වඩාත් හොඳින් ක්‍රීඩා කිරීමත් නැවත එක්දින තරගවලට කැඳවීමට හේතු විය හැකි බව ද සඳහන්.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ජුලි 01 වැනිදා කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය මෙහිඩි හසන්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21