නායකයා සහ හිටපු නායකයා දෙවන ඉනිමේත් ශ්‍රී ලංකාවට හිසරදයක් වන ලකුණු

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමාවන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශය කඩුලු තුනක් දැවී ලකුණු 177ක් රැස්කරගෙන සිටියා.

අද දිනය සඳහා තරගය ආරම්භ කරනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 368ක්.

ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 117ක් එකතුවේදී ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසන් කඩුලු 06 දවාගන්නට බංග්ලාදේශ පන්දු යවන්නන්ට හැකියාව අද ලැබුණා.

අද දිනය ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක් රැස්කළ අතර, ඔහු අද රැස් කළේ සිය 05 වන ටෙස්ට් අර්ධ ශතකයයි.

කමිඳු අද රැස්කළ මෙම අර්ධ ශතකය වාර්තා අතරට එක්වන්නේ අඩුම ටෙස්ට් ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 50ට වැඩි ඉනිම් 10ක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසටයි.

ඒ, අනුව කමිඳු ඉනිම් 22 කදී මෙම වාර්තාව පිහිටු වූ අතර, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක රෝයි ඩයස් මීට වසර 40කට පමණ පෙර ඉනිම් 23කදී මෙම වාර්තාව පිහිටුවා තිබුණා.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිමට වඩා ලකුණු 10ක වාසියක් සමඟින් දෙවන ඉනිම ඇරඹු බංග්ලාදේශය වෙනුවෙන් ආරම්භක පිතිකරු ෂඩ්මන් ඉස්ලාම් ලකුණු 76ක් රැස් කළා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පළමු ඉනිමේ දී හිසරදයක් වූ නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ සහ හිටපු නායක මුෂ්ෆිකර් රහීම් සිව්වන දිනය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියා.

නජ්මුල් හුසේන් එහිදී ලකුණු 56ක් රැස්කරගෙන සිටින අතර, මුෂ්ෆිකර් රහීම් ලකුණු 22ක් රැස්කරගෙන සිටිනවා.

ඒ, අනුව බංග්ලාදේශය මේ වනවිට ලකුණු 187ක් ඉදිරියෙන් සිටින්නේ කඩුලු 07ක් ද අතැතිවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
තණමල්විල හෙල්මට් හොරා..යතුරුපැදි‍යේ හෙල්මට් එක කාටත් හොරා උස්සන හැටි
01:01
Video thumbnail
"ඩ්‍රයිවර්ගේ කකුල නැතුව ඇති"වාද්දූවේ සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙකුට බරපතළයි
01:52
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් සොයා ගනියි..මෙන්න නවතම දර්ශන
02:00
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය ඇතුළු දේශපාලන ප්‍රබලයින් සෙට් එකක් හමුවූ මොහොත
02:29
Video thumbnail
ඇමතිට අමු කැවිලද කොහෙදෝ..ඔළුවක් නැද්ද ?ආණ්ඩුවෙන් දෙනවා කිව්ව පොහොර ඇටයක් නෑ..
07:56
Video thumbnail
කළු ගඟට පෙ#රළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය
01:08
Video thumbnail
කළු ගඟට පෙරළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය..තව ගියා නම් ජීවිත ඔක්කොම විනාශයිනේ
01:53
Video thumbnail
හරිනි ඇවිත් ගැම්මට වියට්නාම් ජනාධිපති පිළිගත්ත හැටි
01:01
Video thumbnail
ගාල්ල නගරයට ඇදහැලුණු මහ වැස්සෙන් පාරවල් ජලයෙන් යටවෙයි
01:25