ඩ්‍රෝන මෙහෙයුම් නියාමන රාමුව විධිමත් කිරීමේ විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ සිඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින ඩ්‍රෝන මෙහෙයුම් ක්‍රියාවලිය තුළ නියාමන සහ මෙහෙයුම් කාර්යක්‍ෂමතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත් වුණා.

එහිදී ඩ්‍රෝන මෙහෙයුම් සඳහා නිසි නියාමන ක්‍රමවේදයක් යටතේ සක්‍රීය වටපිටාවක් ඇති කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළා.

ප්‍රමුඛ ආරක්ෂක අවශ්‍යතා සහ තාක්‍ෂණික දියුණුව අතර පවතින තීරණාත්මක සමතුලිතතාවය හඳුනා ගනිමින්, වාණිජ නවෝත්පාදනය සහ ජාතික සංවර්ධනය සඳහා උත්ප්‍රේරකයක් ලෙස ඩ්‍රෝන තාක්‍ෂණය යොදාගැනීමේ වැදගත්කම ද, ලේකම්වරයා මෙහිදී අවධාරණය කරනු ලැබුවා.

අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඩ්‍රෝන යානා සහ මිනිසුන් රහිත ගුවන් යානා ක්‍රියාකාරකම් පාලනය සඳහා පවතින සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි සහ නීතිරීති පිළිබඳව විස්තරත්මකව කරුණු ඉදිරිපත් කළා.

අනතුරුව පැවති විවෘත අදහස් දැක්වීමේ අවස්ථාවේදී, සාකච්ඡාවට සහභාගී වූ සිවිල් ඩ්‍රෝන ක්‍රියාකරුවන් කිහිප දෙනෙකු ඔවුන් මුහුණදෙන ගැටළු හා පරිපාලන අභියෝග, විශේෂයෙන් ඩ්‍රෝන මෙහෙයුම් සඳහා අනුමැතිය ලබාගැනීමේ දී සිදුවන ඇතැම් ප්‍රමාදයන් පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කළා.

ඊට ප්‍රතිචාර වශයෙන්, ආරක්ෂක ලේකම්වරයා ව්‍යුහාත්මක ගැටළු විසඳීම සඳහා මනාව සම්බන්ධීකරණය වූ අන්තර් – නියෝජිත ප්‍රවේශයක් පිහිටුවන ලෙසට උපදෙස් ලබා දුන්නා.

ඩ්‍රෝන ක්‍රියාකරුවන් විසින් මෙහෙයුම් සඳහා අනුමැතිය ලබාගැනීමේ දී අයදුම්පත් නිශ්චිත කාලසීමාවකට පෙර ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළ අතර, අදාළ ක්‍රියා පටිපාටිය තුළ නම්‍යශීලීභාවයකින් සහ කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන ලෙස අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දෙනු ලැබුවා.

එමෙනම් කිසියම් ප්‍රදේශයක ඩ්‍රෝන මෙහෙයුම් සඳහා අවසර ලබාගැනීමේ දී අදාළ පොලිස් ස්ථාන දැනුවත් කොට තත්ත්වය සලකා බැලීම් මත පදනම්ව විරෝධතා නොමැති බවට ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුවත් කරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත උපදෙස් දුන් අතර, එවැනි ඩ්‍රෝන මෙහෙයුම් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට දැනුම් දිය යුතු බවද, අවධාරණය කළා.

මෙම සාකච්ඡාවට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය , ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම, සිවිල් ඩ්‍රෝන ක්‍රියාකරුවන් පිරිසක් සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15