දිල්ලියේ සිට පැමිණි එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයක් කුරුල්ලෙකු ගැටීමෙන් පසු ආරක්ෂිතව පූනේ වෙත ගොඩබස්සවා ඇති බව වාර්තා වනවා.
එම ගුවන් සමාගම නිවේදනය කළේ දිල්ලියේ සිට පූනේ බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක මෙලෙස කුරුල්ලෙකු ගැටීමෙන් පසු එය ආරක්ෂිතව පූනේ වෙත ගොඩබැස්සවීමට කටයුතු කළ බවයි.
මේ සමඟ එම ගුවන් යානය අද පූනේ සිට දිල්ලිය දක්වා ආපසු ගමන් කිරීමට නියමිත තිබූ ගුවන් ගමන අවලංගු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඉංජිනේරු කණ්ඩායම විසින් යානය පුළුල් පරීක්ෂාවන් සිදුකරනු ලබන බව සඳහන් කළ එයාර් ඉන්දියා සමාගම අතරමං වූ ගුවන් මගීන් සඳහා නවාතැන් සැපයීම ඇතුළු සියලු කටයුතු සිදුකරන බවයි පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
4
+1
+1
2
+1





