ඊශ්‍රායල ආරක්ෂක තත්ත්වය ගැන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් – පවතින තත්ත්වය ගැනත් පැහැදිලි කිරීමක්

ඊශ්‍රායිල් ආරක්ෂක තත්ත්වය හා ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් සම්බන්ධයෙන් අද (18) උදෑසන 06ට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ දීර්ඝ සටහනක් තබමින් දැනුම්වත් කිරීමක් සිදු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මෙවැන්නක්;

”1. ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන නාගරික කලාපයන් ඉලක්ක කොට එල්ල කරන බැලස්ටික් මිසයිල ප්‍රහාර ඊයේ දවස හා රාත්‍රිය මුළුල්ලේ ක්‍රියාත්මක විය. එයින් කීපයක් හැර අනෙක් සියල්ල සම්පුර්ණයෙ විනාශ කිරීමට ඊශ්‍රායිල් ආරක්ෂක අංශ සමත් විය.

  1. ඊයේ උදාසන් 08.45 පමණ ඊශ්‍රායලයේ තානාපති නිලධාරීන් බොහෝ දෙනෙකු පදිංචිව සිටින ටෙල් අවිව් නගරයට උතුරින් පිහිටි හර්සිලියා (Herzliya) නාගරික ප්‍රදේශයේ බස් ඩිපෝවක් අසලට ඉරාන බැලස්ටික් මිසයිලයක් කඩා වැටීම හේතුවෙන් එහි නවතා තිබු බස්රථ ගණනාවක් ගිනිබත් විය. තානාපති නිලධාරීන් හා අනෙකුත් ජනයා ජීවත් වන නිවාස බොහොමයක් දෙදරීමට ලක්වී තිබුණි.
  2. හර්සිලියා (Herzliya) ප්‍රදේශය වැටුණු මිසයිලය, ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයේ මුලස්ථානයට එල්ල කරන ලද මිසයිලයක් ලෙස ව්‍යාජ පුවත් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබු අතර ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි හා සමහර මාධ්‍යයවේදීන් පවා එම පුවත් සත්‍ය පුවතක් ලෙස වාර්තා කර තිබුණි. ඒ පිළිබඳව විමසීම් කරන ලද සියලු දෙනාට සත්‍ය සිදුවීම පැහැදිලි කරන ලදී.
  3. අන්තර්ජලයේ පළ කරන ලද මෙවැනි අසත්‍ය තොරතුරු නැවත ප්‍රචාරය නොකරන ලෙසත්, සත්‍ය තොරතුරු හා උපදෙස් සඳහා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයේ (IDF) වෙබ් අඩවියට පිවිස තොඅරතුරු ලබා ගන්න ලෙසත් කාරුණිකව දන්වමි.
  4. රාත්‍රී කාලයේ එක දිගට එල්ල කරන ලද ඉරාන මිසයිල ප්‍රහාර නිසා විගි වැඩිහිටි හා දරුවන් සමඟ සිටින මාපියන් රාත්‍රිය මුළුල්ලේ ආරක්‍ෂිත කුටිවලම කාලය ගත කරන්නේ ප්‍රහාර එල්ල කරන අවස්ථාවල විදුලි සෝපාන භාවිතා නොකොට පඩිපෙල් පමණක් භාවිතා කරන මෙන් ලද උපදෙස් අනුව උස මහල් ගොඩනැගිලිවල සිට පඩිපෙල්වලින් ඔවුනට වරින්වර ගමන් කිරිමට නොහැකි අසීරුතාව හේතුවෙනි.
  5. මහජන ඒකරාශිවීම්, උත්සව හා ජනයා සමූහයක් එකතු වන අවස්ථා සංවිධානය නොකරන ලෙස දැන්වීම හේතුවෙන් ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් පොසොන් මාසය සිහිකිරීම සඳහා ටෙල් අවිව, හර්සිලියා, ජෙරුස්සෙලම් හා හයිෆා නගරවල සංවිධානය කර තිබූ පොසොන් පිංකම් හා දන්සල් පහක් කල්දමා තිබේ.

7.ආරක්‍ෂිත නිවස්නයන් නොමැති පැරණි නිවාසවල ජිවත්වන කීපදෙනෙකු තම ආරක්ෂාව පිළිබඳව විමසීම් කළ අතර ප්‍රහාරයන් සිදුවන අවස්ථාවේ ගත යුතු පියවරයන් පිළිබඳව ඔවුන්ගේ පවුලේ පිරිස හා තමනට සම්බන්ධීකරණය කරන සමාජ සේවිකාව සමඟ කතාකොට ඒ සඳහා විසදුමක් යොදාගන්නා ලෙස දන්වමි.

  1. තම දරුවාගේ හදිසි මරණය හේතුවෙන් ශ්‍රී ලංකාව බලා යාමට අවශ්‍ය බව පවසමින් ගාල්ල ප්‍රදේශයේ සිට ඊශ්‍රායලයේ සේවයට පැමිණි තරුණයෙකු තානාපති කාර්යාලයට පැමිණි අතර පවතින තත්ත්වය මත ශ්‍රී ලංකාවට යාමට ඇති ඇති අපහසුතාව පහදා දුන් අතර එලාට් නගරය හරහා ඊජිප්තුවට ගොස් එහි සිට ශ්‍රී ලංකාවට යාමට ඇති හැකියාව පැහැදිලි කළෙමි. තමනට Re-entry වීසා බලපත්‍රය නොගෙන ශ්‍රී ලංකාවට ගියහොත් නැවත පැමිණීමට නොහැකි බවත් පැහැදිලි කරන ලදී. මේ දිනවල බොහෝ ඊශ්‍රායල් කාර්‍යාල වසා දමා ඇති අතර ඔවුන් නිවසේ සිට අත්‍යවශ්‍ය සේවාවන් පමණක් සිදු කෙරේ. මේ අතර ව්‍යාපාරික කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ සිට පැමිණි කීප දෙනෙකු ශ්‍රී ලංකාවට යාමට නොහැකිව ඊශ්‍රායලයේ රැඳී සිටිති.
  2. ටෙල් අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා ඊශ්‍රායිල් ගුවන් අවකශය තවමත් වසා දමා තිබේ.
  3. ඉදිරි දිනවල ප්‍රහාරවල වැඩිවීමක් විය හැකි බව විවිධ වාර්තා පළ වන අතර තම ආරක්ෂාව සම්බන්ධයෙන් දිවා රාත්‍රී සැලකිල්ලෙන් සිටින ලෙස දැන්වීමට කැමැත්තෙමි.”

යනුවෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා තැබූ දීර්ඝ සටහනේ දැක්වෙනවා.

මූලාශ්‍රය –https://web.facebook.com/MHMN.Bandara

(ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගත්තකි.)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51
Video thumbnail
අපරාධ ජාලය ඇයි පොලිසියට නවත්තන්න බැරි ? - දැන් තමයි සිස්ටම් එකට වැටුණේ - කාලයක් ඕනි
05:25
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ඥාතීන්ට වෙ# තැබීම් ගැන ඕලුගල හෙළිකරයි - බලය වැඩි කරගන්න වැඩ මේ
01:40
Video thumbnail
අම්බිකා සුඛෝපභෝගී වාහනේ ගියේ ලැට් හෝදන්නද ?මේකි ගීතයෙන් ගීතය මතකනේ
01:24
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ? මාංචු නැතුව ගිය සෙව්වන්දි ගැනත් කියයි
01:55
Video thumbnail
ගොවියන්ව විනාශ කරපු අය දැන් ගොවියන්ව පාවිච්චි කරලා බලයට එන්න හදනවා
05:41
Video thumbnail
අල්ලස් ගත්ත සාජන්ට වැඩ වැරදුණු හැටි - කිසි සමාවක් නෑ දැඩි නීතිය ක්‍රියාත්මක කරනවා
03:14
Video thumbnail
අධිකරණ ඇමතිතුමා විහිළු කරනවා - නීතිඥවරුන්ව හෑල්ලුවලට ලක් කරනවා
09:02
Video thumbnail
අස්සවල් මුල්ලවල්වල පොලිසිය යතුරුපැදි ගහගෙන ඉන්න ඕනි නෑනේ - කාටවත් අල්ලස් දෙන්න එපා
02:31