දින 14ක් රට ලොක්ඩවුන් කරන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි

පවතින තත්ත්වය හමුවේ දින 14ක කාලයකට නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම්, වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, ඇඳන් ගණන වැඩි කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කළ නොහැකි බවය.

පුහුණු සෞඛ්‍ය සේවකයින්ට දරා ගත නොහැකි මට්ටමෙන් ආසාදිතයින් වාර්තා වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන බවට ද වෛද්‍යවරයා අනතුරු ඇඟවීය.

“අපි ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ ශ්‍රී ලංකාව තුළ තිබෙන උච්චතම අවස්ථාවට. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් අද දිනය තුළ ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. දින 14ක් දැඩි සංචරණ නීති පනවලා දින 14ක් නිරෝධායන ඇඳිරිනීතිය හෝ එවැනි ක්‍රමවේදයක් භාවිත කරලා, ඉදිරි දින 14 තුළ සංචරණ හැකි තරම් අඩු කරන්න කියලා.“

කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දෙන්නේ වාර්තා වන රෝගීන් ප්‍රමාණය මෙන් තුන්ගුණයක රෝගීන් සමාජය තුළ සිටිය හැකි බවය.

ඇය ද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, “සමාජය තුළ තමවත් පැතිරීම සිදුවෙනවා. ශීඝ්‍රයෙන් පැතිරෙනවා නව ප්‍රභේදය. එයින් මරණ වැඩිවෙලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතුයි. අනිවාර්යයෙන් ම අපි නිර්දේශ කරන්නේ සති දෙකකටවත් ජනතාව ගෙදරට කරලා තියෙන්න. මොකද එහෙම වුනොත් මේ රෝග පැතිරීම අපට පාලනය කරන්න පුළුවන්. විශේෂඥ වෛද්‍යවරියක් ලෙස මම නිර්දේශ කරනවා.“ යනුවෙනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27