තද සුළං සහ රළු මුහුද ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහායි එම රතු නිවේදනය නිකුත් කර ඇත්තේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 පමණ දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි.

එම ප්‍රදේශවල ජනතාවට වඩාත් සැළකිලිමත් වෙන ලෙස ද දැනුම් දෙන එම දෙපාර්තමේන්තුව ඉහළ මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි පවසන්නේ.

අද (14) පස්වරු 02.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (15) පස්වරු 02.30 දක්වා වලංගු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?