කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ, අනුව දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත් මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝ මීටර් 50-60 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඊට අමතරව දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද දැනුම් දෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මෙම නිවේදනය හෙට (15) පෙරවරු 9.30 දක්වා වලංගුවන බවයි දැනුම් දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
2
+1
2
+1
3
+1
+1





