අනියම් පෙමක් ගැන සැක සිතූ ස්වාමියා බිරිඳට ගිනි තබයි – බිරිඳ මරුට

සැමියා විසින් සිරුරට භූමිතෙල් දමා ගිනි තැබීම හේතුවෙන් බරපතළ තුවාල ලබා සිටි කාන්තාවක් හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ (11) රාත්‍රියේ ජීවිතක්ෂයට පත් වුණා.

අප වාර්තාකරු පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි හලාවත – අඹකදවිල පදිංචිව සිටි වර්ණකුලසූරිය අමාලි පියුමිකා නමැති පස්දරු මවක්.

ඉකුත් 06 වැනිදා රාත්‍රී 7.30ට පමණ තම සැමියා විසින් නිවසේ කුස්සියේ තිබූ ලාම්පු කුප්පිය ගෙනවිත් තමන්ට ගිනි තබා පලා ගිය බවත්, අසල්වාසීන් විසින් 1990 ගිලන් රථයකින් තමන්ව රෝහල්ගත කළ බවත් සිද්ධියට මුහුණ දී ඇති කාන්තාව මිය යාමට පෙර පොලීසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබෙනවා.

තමන් ප්‍රදේශයේ කොහු මෝලක සේවය කරන බවත්, එම ස්ථානයේම සේවය කරන අයෙකු සමග තමාගේ අනියම් සම්බන්ධතාවක් ඇතැයි පවසමින් සැමියා නිතර නිවසේ දී ආරවුල් ඇති කර ගන්නා බවත් ඇය මිය යාමට පෙර පොලීසියට සඳහන් කර ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

තම බිරිඳට භූමිතෙල් දමා ගිනි තැබීමෙන් අනතුරුව පලා ගොස් සිටි සැකකරුව පෙරේදා (10) රාත්‍රියේ දී හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඔහුව මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව මත හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මියගොස් ඇති කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?