අනියම් පෙමක් ගැන සැක සිතූ ස්වාමියා බිරිඳට ගිනි තබයි – බිරිඳ මරුට

සැමියා විසින් සිරුරට භූමිතෙල් දමා ගිනි තැබීම හේතුවෙන් බරපතළ තුවාල ලබා සිටි කාන්තාවක් හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ (11) රාත්‍රියේ ජීවිතක්ෂයට පත් වුණා.

අප වාර්තාකරු පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි හලාවත – අඹකදවිල පදිංචිව සිටි වර්ණකුලසූරිය අමාලි පියුමිකා නමැති පස්දරු මවක්.

ඉකුත් 06 වැනිදා රාත්‍රී 7.30ට පමණ තම සැමියා විසින් නිවසේ කුස්සියේ තිබූ ලාම්පු කුප්පිය ගෙනවිත් තමන්ට ගිනි තබා පලා ගිය බවත්, අසල්වාසීන් විසින් 1990 ගිලන් රථයකින් තමන්ව රෝහල්ගත කළ බවත් සිද්ධියට මුහුණ දී ඇති කාන්තාව මිය යාමට පෙර පොලීසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබෙනවා.

තමන් ප්‍රදේශයේ කොහු මෝලක සේවය කරන බවත්, එම ස්ථානයේම සේවය කරන අයෙකු සමග තමාගේ අනියම් සම්බන්ධතාවක් ඇතැයි පවසමින් සැමියා නිතර නිවසේ දී ආරවුල් ඇති කර ගන්නා බවත් ඇය මිය යාමට පෙර පොලීසියට සඳහන් කර ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

තම බිරිඳට භූමිතෙල් දමා ගිනි තැබීමෙන් අනතුරුව පලා ගොස් සිටි සැකකරුව පෙරේදා (10) රාත්‍රියේ දී හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඔහුව මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව මත හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මියගොස් ඇති කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංගා අවට ජීවත් වෙන ජනතාව අවදානෙන් ඉන්න
02:41
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29