විත්තිකාර අතුලගේ නීතිඥවරුන්ගෙන් දැඩි දෝස් මුරයක් – සේවාදායකයා රටින් පලා ගියේ නෑ

මේ දිනවල සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ජනපති සමාව යටතේ බරපතළ අපරාධ කළ බවට චෝදනා එල්ල වූ අතුල තිලකරත්න නමැත්තා වෙසක් පොහොය දිනයේ දී නිදහස් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එම සැකකරු ගැන අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යවල පළ වන බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුරන්ද තෙන්නකෝන් මහතා පවසනවා.

අද (11) දහවල් විත්තිකාර අතුල තිලකරත්න නමැත්තා වෙනත් නඩු කටයුත්තක් සඳහා අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටි බවත්, ඇතැම් පාර්ශ්වයන් චෝදනා කරන පරිදි සිය සේවාදායකයා රටින් පලා ගොස් නොමැති බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් සඳහන් කළා.

සිය සේවාදායකයා ඔහුට අයත් නිවසේ ජීවත් වන බවත් ඔහුට එරෙහිව නඩු 08ක් විභාග වෙමින් පවතින බවත් නීතිඥවරුන් වන සුරංග මොහොට්ටි සහ සුරන්ද තෙන්නකෝන් වැඩිදුරටත් පැවසුවා.

මෙවැනි ප්‍රශ්නසහගත ගැටලුවකට මුහුණදීමට තම සේවාදායකයාට කිසිදු අවශ්‍යතාවක් නොවන බවත් ඔහුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා ගැනීමට වංචා සහගතව කටයුතු කිරීමට අවශ්‍යතාවක් නොවන බවත්, මාස හයක සිර දඬුවමක් නියමව තිබෙන බවත් එම සුළු කාලය සිය සේවාදායකයාට ගෙවා දැමීමට හැකියාව තිබියදී මෙවැනි ප්‍රශ්න සහගත ගැටලුවකට මුහුණදීමට තවදුරටත් අවශ්‍ය නොවන බවත් නීතිඥයින් පෙන්වා දුන්නා.

කෙසේවෙතත් මෙවන් තත්ත්වයක් මත වැඩ තහනමකට ලක් ව අද දහවල් යළි සිරගත කෙරුණු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියට එරෙහි ව රජයේ පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ අවධාරණය කළේ අතුල තිලකරත්න නමැත්තා මේ වනවිට රටින් පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
42
+1
2
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?