විත්තිකාර අතුලගේ නීතිඥවරුන්ගෙන් දැඩි දෝස් මුරයක් – සේවාදායකයා රටින් පලා ගියේ නෑ

මේ දිනවල සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ජනපති සමාව යටතේ බරපතළ අපරාධ කළ බවට චෝදනා එල්ල වූ අතුල තිලකරත්න නමැත්තා වෙසක් පොහොය දිනයේ දී නිදහස් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එම සැකකරු ගැන අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යවල පළ වන බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුරන්ද තෙන්නකෝන් මහතා පවසනවා.

අද (11) දහවල් විත්තිකාර අතුල තිලකරත්න නමැත්තා වෙනත් නඩු කටයුත්තක් සඳහා අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටි බවත්, ඇතැම් පාර්ශ්වයන් චෝදනා කරන පරිදි සිය සේවාදායකයා රටින් පලා ගොස් නොමැති බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් සඳහන් කළා.

සිය සේවාදායකයා ඔහුට අයත් නිවසේ ජීවත් වන බවත් ඔහුට එරෙහිව නඩු 08ක් විභාග වෙමින් පවතින බවත් නීතිඥවරුන් වන සුරංග මොහොට්ටි සහ සුරන්ද තෙන්නකෝන් වැඩිදුරටත් පැවසුවා.

මෙවැනි ප්‍රශ්නසහගත ගැටලුවකට මුහුණදීමට තම සේවාදායකයාට කිසිදු අවශ්‍යතාවක් නොවන බවත් ඔහුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා ගැනීමට වංචා සහගතව කටයුතු කිරීමට අවශ්‍යතාවක් නොවන බවත්, මාස හයක සිර දඬුවමක් නියමව තිබෙන බවත් එම සුළු කාලය සිය සේවාදායකයාට ගෙවා දැමීමට හැකියාව තිබියදී මෙවැනි ප්‍රශ්න සහගත ගැටලුවකට මුහුණදීමට තවදුරටත් අවශ්‍ය නොවන බවත් නීතිඥයින් පෙන්වා දුන්නා.

කෙසේවෙතත් මෙවන් තත්ත්වයක් මත වැඩ තහනමකට ලක් ව අද දහවල් යළි සිරගත කෙරුණු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියට එරෙහි ව රජයේ පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ අවධාරණය කළේ අතුල තිලකරත්න නමැත්තා මේ වනවිට රටින් පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14