ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ තාක්ෂණික කටයුතු ඇරඹෙයි

මෙරට වසර 46කට අධික කාලයක් පැරණි ඇනලොග් භෞමික විකාශන පද්ධතිය එක් ඩිජිටල් භෞමික විකාශන වේදිකාවකට සංක්‍රමණය කිරීම සඳහා ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ (DTTB) ව්‍යාපෘතියේ තාක්ෂණික ක්‍රියාත්මක කිරීම් සඳහා ඉංජිනේරු උපදේශන සේවා ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු වුණා.

මෙම DTTB ව්‍යාපෘතිය ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, DTTB ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ජපන් ඉංජිනේරු උපදේශකයින් ඇතුලු වෘත්තිකයින් නිල වශයෙන් මෙහිදී පිළිගත්තා.

ව්‍යාපෘතියට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සඳහා අතිනවීන 4K ඩිජිටල් ස්ටුඩියෝ සංකීර්ණයක් ද ඇතුළත්.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ, සෑම ශ්‍රී ලාංකික රූපවාහිනී නරඹන්නෙකුට ම අධි විභේදන (HD) නැරඹීමේ අත්දැකීමක් ලබා දීමෙන් වසර 46කට වඩා පැරණි ඇනලොග් විකාශන පද්ධතිය ඩිජිටල් විකාශන වේදිකාවකට සංක්‍රමණය වනු ඇති.

ඩිජිටල් පද්ධතියේ ඉහළ වර්ණාවලි කාර්යක්ෂමතාව හරහා එකම වර්ණාවලිය තුළ අමතර රූපවාහිනී නාලිකා සඳහා විශාල ධාරිතාවක් වැඩිදියුණු කිරීමට එය ඉඩ සලසනවා.

මේ අනුව නරඹන්නන් සඳහා උසස් තත්ත්වයේ ඩිජිටල් නැරඹුම් අත්දැකීමක් සහ විකාශකයින් සඳහා කරදරයකින් තොර තාක්ෂණික මෙහෙයුම් ලබාදෙනු ලබනවා.

මීට අමතරව මෙහි තවත් ප්‍රධානතම වාසියක් වන්නේ, මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමග නිදහස් වන සංබ්‍යාත පරාසය, ප්‍රධාන වශයෙන් 700Mz Band එක, 5G තාක්ෂණය ශ්‍රි ලංකාවේ ප්‍රවර්ධනය කිරීමටත් එමගින් ග්‍රාමීය ප්‍රදේශවලට broadband අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුලු විදුලිසංදේශ සේවාවන් පුළුල් කිරීමටත් යොදාගැනීමට හැකියාව ලැබීමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10