බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වැඩ තහනම් කරයි

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ තාවකාලිකව වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව විමර්ශන අපක්ෂපාතිව සිදුකිරීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
16
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?