අනිද්දා ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ලබන 11 වනදා ජලකප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ, අනුව උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 11ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

පෑලියගොඩ, වත්තල, ජාඇල, සීදුව නගර සභා බල ප්‍රදේශ සහ කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම් වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?