තංගල්ල පොලිස් වසමේ නලගම – වගේගොඩ මාර්ගයේ දෙමට වෙල්යාය අසල දී ධාවනය වූ අත්ට්‍රැක්ටර් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට විසි වී අසල තිබූ ඇළකට පෙරලී අනතුරක් සිදු වුණා.
අනතුරින් අත්ට්‍රැක්ටර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පැවසෙන්නේ.
මරණකරු වයස අවුරුදු 35 ක් වූ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළා.
මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





