උදර වේදනාවකට රෝහල් ගතකළ 14 හැවිරිදි දැරියගේ කුසේ දරුවෙක්

උදර වේදනාවක් හේතුවෙන් රෝහල් ගත කළ 14 හැවිරිදි දැරියක් ගැබ්ගෙන ඇති බව සිදුකළ පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

ඊයේ (31) රාත්‍රියේ ඇති වූ උදර වේදනාවක් හේතුවෙන් හපුතලේ ,කැල්බන් වත්ත ප්‍රදේශයේ පදිංචි දැරියක් ඇයගේ මව්පියන් විසින් දියතලාව රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී වෛද්‍යවරුන් විසින් දැරිය පරීක්ෂා කිරීමෙන් පසු ඇය ගැබිණියක් බවට අනාවරණය වී ඇති බවයි හපුතලේ පොලීසිය පැවසුවේ.

දැරියගෙන් රෝහල් පොලිසිය ප්‍රකාශයක් ලබා ගැනීමේ අනතුරුව මෙම සම්බන්ධයෙන් සැකපිට 52 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හපුතලේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (01) දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
22
+1
11
+1
13
+1
142
+1
10
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?